1967 ජනවාරි මාසයේදී, විනෙකොන් නගරය නිල විස්කොන්සින් ප්‍රාන්ත මාර්ග සිතියමෙන් වැරදීමකින් ඉවත් කර ඇති බව සොයා ගත් අතර, එමඟින් නගරයේ වැදගත් සංචාරක ආදායම අහිමි විය. එබැවින් නගරය විස්කොන්සින් වලින් වෙන් වී එම වසරේ ජූලි 21 වන දින තමන්ගේම ස්වෛරී රාජ්‍යයක් බවට පත්වීමට තීරණය කළේය. වෙන්වීම ප්‍රාන්ත රජය අපහසුතාවයට පත් කිරීමේ පියවරක් බව සමහරු පවසන අතර තවත් සමහරු එය හාස්‍යජනක ක්‍රියාවක්…
කර්තෘ රිචඩ් මෝව් දකුණු අප්‍රිකාවේ කලු ජාතික දේව ධර්මාචාර්ය වරයෙක් ගැන පවසයි. ඔහු ජාතිවාදී කාලයේදී ලැබූ අඳුරු මතකයන් සමඟ පොර බැදුවේය. මෝව් මෙසේ ලිවීය: “මතකය” නිර්වචනය කරන්න කියා ගුරුවරියක විසින් අසන ලද අප්‍රිකානු දැරියකගේ කථාවක් ඔහු කීවේය. ඒ ගැන සිතා දරුවා පිළිතුරු දුන්නේ මතකය යනු මට මතක නැති කරන්න උපකාර කරන දෙයයි කියාය. දරුවන්ගේ මුවින්! මතක් කිරීමට අකමැති දේවල් බොහෝමයක්…
1800 ගණන්වල බටහිර ඇමෙරිකාවේ ඩයිනෝසර් ඇටකටු සොයා යෑමේදී ඇටකටු යුද්ධ ඇති විය. වඩාත් ඓතිහාසික සොයා ගැනීම අයිතිකර ගැනීම සඳහා අස්ථි විද්‍යාඥයින් දෙදෙනෙක් එකිනෙකා සමඟ සටන් කළහ. ක්‍ෂේත්‍රයේ අනෙකාව පරාජය කිරීමට අනීතික කාරණාවල නියලුණහ. එක් ලේඛකයෙකුට අනුව අල්ලස, සොරකම, කටු විනාශ කිරීම යනාදියට පවා පෙළඹුණහ. එම ලේඛකයා සඳහන් කළේ එසේ කිරීමේදී ඔවුන් දෙදෙනා තමන්ගේම කීර්ති නාමය නැති කර ගත් බවයි.
අපගේ…
හෙන්රි ඩේවිඩ් තෝරේ, නගරයක් යනු බොහෝ අය එක්ව තනිව සිටින ස්ථානයක් කියා විස්තර කරයි. එම වචන වල සත්‍යයක් දෝංකාර දෙන්නේය. මාගේ තරුණ කාල්යේදී “තනිවූ මහතා”, “තනි වූවන්ට පමණයි” සහ “එලියේනර් රග්බි” වැනි ගීත තනිකම සහ පාළුව අවධාරණය කළේය. මෑත කාලයේදී ලෝකය දැක ඇති තනිකමේ කාලය වසංගත කාලය විය. සමාජ මාධ්‍ය එම තනිකම පෝෂණය කළේ සම්බන්ධතාවයක් නොමැති සන්ධි කිරීමක් ඇති කරමිනි.…
18 වන සියවසේ අග භාගයේ ඇතිවුනු ප්‍රංශ විප්ලවයේදී අරගල කණ්ඩායම් විසින් මරා දැමූ අයගෙන් එක් අයෙක් වූයේ තෝමස් ඩි මහී නම් වූ රදළයාය. එක් පුරා වෘතයකට අනුව ඔහු තම මරණ වරෙන්තුව කියවා එයට ප්‍රතිචාර දැක්වූයේ “අක්‍ෂර වින්‍යාශ වැරදි තුනක් ඔබ කර ඇති බව පෙනේ” යනුවෙනි. එය සත්‍යය නම් පෙනෙන පරිදි ඩි මහී වැදගත්ම කාරණය ප්‍රබල ලෙස ගණන් නොගෙන තිබේ. ඒ…
මම කුඩා කාලයේදී මුහුදු කොල්ලකරුවන් ගැන කථා කියවීමට ආශා කළෙමි. එම වික්‍රමයන් මාගේ සිතුවිලි කෙතරම් චංචල කළේද? දැන් මම ජීවත් වන්නේ ඉතා දුෂ්ට මුහුදු මංකොල්ල කරුවෙක් වන කළු රැවුලාගේ (ඇත්ත නම එඩ්වර්ඩ් ටීච්) මූලස්ථානය තිබූ ප්‍රදේශයේය. ඔහුගේ නැව වන “ඈන් රැජිනගේ පළිගැනීම” වෙරළ අද්දරදී බිඳී ගොස් තිබුණි.
අපට පහසුවෙන් නටඹුන් සහ මහ මුහුදු ඉතිහාසය චමත්කාර ලෙස පෙන්විය හැකිය. කෙසේ වෙතත්…
එංගලන්තයේ අලංකාර වැව් ප්‍රදේශයක් වන කොනිස්ටන් වෝටර් එක්සත් රාජ්‍යයේ පවුල් වලට විනෝද වීමට ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වූයේය. බෝට්ටු පැදීමට, පිහිනීමට සහ අනිකුත් ජලක්‍රීඩා වලට මෙම ජලය අනර්ඝ විය. ඒ අලංකාර පරිශ්‍රය විශාල ඛේදවාචකයකට ඉවහල් විය. 1967 දී ඩොනල්ඩ් කැම්බල් ජලයේ වේග වාර්තාවක් තැබීම සඳහා ඔහුගේ ජල ගුවන් යානය වන බ්ලූබර්ඩ් කේ7 එහි පදවමින් සිටියේය. ඔහු ඉතා අධික වේගයක් වන පැ:…
ෆ්‍රැන්කෝ සෙෆිරෙලී ජනප්‍රිය ෂෙක්ස්පියර්ගේ රොමියෝ ජුලියට් නාට්‍ය නිෂ්පාදනය කරන්න සුදානම් වෙද්දී ඔහු නිර්භීත තීරණයක් ගත්තේය. ඔහු ප්‍රධාන චරිත දෙකට අලුත්ම නලු නිලි දෙපලක් තෝරා ගත්තේය. ඔහු කියා සිටියේ ෂේක්ස්පියර් මෙම කථාව ලියන කාලයේ එම චරිත වල වයසට ගැළපෙන දෙදෙනෙක් තෝරා ගත් බවයි. අවසානයේදී සෙෆිරෙලි රොමියෝ ලෙස දාහත් හැවිරිදි ලෙනාර්ඩ් වයිටිංද ජුලියට් ලෙස දහසය හැවිරිදි ඔලිවියා හසීද තෝරා ගත්තේය.
ජේසුස් වහන්සේද…
මාගේ බැංකුවේ බිත්තියේ ඇති ප්‍රකාශය පවසන්නේ එහි ව්‍යාපාර ප්‍රතිපත්ති තනි වචනයකින් සාරාංශ කළ හැකි බවයි: ආචාරශීිලිකම. එහි මාගේ ගනුදෙනු වලට සහාය දුන් සේවකයාගේ ආචාරශීලි බව කෙතරම් නැවුම්ද!
රුදුරු අකාරුණාවන්ත ලෝකයක ආචාරශීලිත්වයෙන් ඉදිරියට යාම විශාල දෙයකි. අපෝස්තලු පාවුලු තම මිතුරු තීතස්ට ලිවූ ලිපියේ මෙම සංකල්පය අපට හමුවේ. ඔහු තම සමූහනයට මතක් කර දෙන ලෙස තීතස්ට උපදෙස් දුන්නේ “කිසිවෙකු ගැන අගුණ නොකියන්නටද…
මෑතකදී මගේ සහෝදර ස්කොට් මගේ පියාගේ දෙවන මහ ලෝක යුද්ධයේ හමුදා වාර්තා ලබා ගත්තේය. එහි පිටු මා අධ්‍යයනය කරන විට පුදුම කරවන හෝ කම්පනයක් ඇති කරවන හෝ කිසිවක් ගැන හෝ මගේ පියා කව්ද කියා හෝ කිසිවක තිබුණේ නැත . එහි තිබුණේ සාමාන්‍ය කාරණා සහ දත්ත පමණි. එය කියවීමට උනන්දුවක් ඇති කරයි. අවසානයේදී එය අතෘප්තිකර වූයේ පියා ගැන අලුතින් දැන ගත…